දියවැඩියාව කියන්නේ මොකක්ද? | What is Diabetics?
![LakshanM](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJJT1xXi9FvlbC44dvTvc5gJADKyoorAANfUpam69tJbcQTaFzTsSR9XDFEkfnx9yg5MrrFWnJKId93FeVhptz4cAlL1NwrcphcjJt3f5grtfG0fvotwuSq5xk8vFhG5kS0QHM5gW7LpUo5hBCc8q6UG_7P1rOB5e_nM9g5jRQeX8TEw/w100-h100-p-k-no-nu/FB_IMG_1731429318019.jpg)
LakshanM
---
පලවන වර්ගයේ දියවැඩියාව (Type 1)
දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2)
මේ එක් එක් වර්ගයේ දියවැඩියාව හැදෙන්න බලපාන සාධක වගේම ඒවා ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙන ආකාරය එකිනෙකට වෙනස්. ඒ කොහොම වෙතත් මේ වර්ග දෙකේම දියවැඩියාව බරපතල ඝනයේ බෝ නොවන රෝගයක් කිව්වොත් ඒක නිවැරදියි.
මේ ඕනෑම වර්ගයකම දියවැඩියාව තියෙන මිනිසුන්ගේ රුධිරයේ ග්ලූකෝස් (සීනි) අධික ලෙස පවතින එක සුලභව දක්නට ලැබෙන කාරණයක්. නමුත් අපි හැමෝටම එදිනෙදා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ග්ලූකෝස් යම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අප ආහාරයට ගන්නා හෝ පානය කරන ආහාර හා බීම වර්ග මගින් ලැබෙන කාබෝහයිඩ්‍රේට් අපගේ ශරීරය විසින් බිඳ දැමූ විට තමයි අපට ග්ලූකෝස් ලැබෙන්නේ. ඒ ග්ලූකෝස් ඉන්පස්සේ අපේ රුධිරයට මුදා හරිනු ලබානවා
මෙලෙස රුධිරයට ඇතුල් වන ග්ලූකෝස් ශක්තිය නිපදවන්න භාවිත කරන්න නම්, සෛල තුලට ඇතුල් වෙන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ වැඩේදී ශරීරයට ඉන්සියුලින් කියන හෝමෝනයේ සහය අත්‍යවශ්‍ය වෙනවා. මේ ඉන්සියුලින් නිෂ්පාදනය කරන්නේ අග්න්‍යාශය විසින්.
රුධිරයට ග්ලූකෝස් ඇතුල් වෙනකොටම අග්න්‍යාශය ට ඒ ගැන පණිවිඩය ලැබෙනවා,ඔබ දියවැඩියාවෙන් පෙළෙන්නේ නැති නිරෝගී පුද්ගලයෙක් නම් ඒ වෙලාවේම අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් නිපදවා රුධිරයට මුදාහරිනවා. නමුත් ඔයා දියවැඩියාවෙන් පෙළෙනවා නම්, මේ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නෑ.
දියවැඩියා වර්ග ගැන කෙටියෙන්
ඔයාට තියෙන්නේ පලවෙනි වර්ගයේ දියවැඩියාව නම්, ඔයාගේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් නිපදවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. හැබැයි දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන කෙනෙක්ගේ තත්වය මීට වෙනස්. ඒ වගේ කෙනෙක්ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවෙන එක සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නය වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් නිපද වෙන්නේ නැති එක හෝ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණවත් නමුත් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවීමයි.
කොහොම වෙතත් මේ ආකාර දෙකේම දියවැඩියාවෙදි, ග්ලූකෝස් වලට නිසියාකාරව රුධිරයට ඇතුල් වෙලා ක්‍රියාත්මක වීමට නොහැකි වීම නිසා රුධිරයේ සීනි මට්ටම ඉහල යනවා. මෙහෙම රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන එකෙන් ශරීරයට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ඇතිකරනවා, ඒ වගේම ටික කාලයක් යනකොට දියවැඩියාවට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා.
දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතා
දිගු කාලයක් තිස්සේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අගයක පැවතීමෙන් හදවතට, ඇස් වලට, පාද වලට හා වකුගඩු වලට බරපතල හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.
නමුත් දියවැඩියාව නිසි කලට හදුනා ගැනීමෙන්, නිසි ප්‍රතිකාර සහ සැලකිල්ල ලබා දීමෙන් මේ සංකුලතා අවම කරගෙන දිගු කාලයක් ප්‍රශ්නයකින් තොරව ජීවත් වෙන්න පුළුවන්.