Notifikasi
Tidak ada notifikasi baru.
Penelusuran Trending (7 hari terakhir)

ටෙන්ඩන් මත කැල්සියම් තැන්පතු යනු මොනවාද? | What is Calcific tendonitis?

ටෙන්ඩන් (Tendon) යනු ඔබේ අස්ථිවලට මාංශ පේශි සම්බන්ධ කරන පටක වල ශක්තිමත් පටි වේ. සමහර විට, කැල්සියම් ඒවා තුළ තැන්පත් වී වෛද්‍යවරුන් “කැල්සිෆික් ටෙන්ඩොනයිටිස්” ලෙස හඳුන්වන (Calcific tendonitis) තත්වයක් ඇති කරයි. කැල්සියම් නිධි (deposit) වල පෙනුම දන්තාලේප (toothpaste) වල පෙනුම ගනී.


ඒවා එක් ස්ථානයක එකතු වීමට හෝ කණ්ඩරාවන් වටා පැතිරීමට හැකිය. ඒවා තැන්පත් වීමට නිශ්චිත හේතුව කුමක්දැයි වෛද්‍යවරු නොදනිති. නමුත් පිරිමින්ට වඩා කාන්තාවන් තුළ ඔවුන් මේ කැල්සියම් තැන්පත් වීම බහුලව සිදුවන බව සොයාගෙන ඇත. එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 දී පමණ සිදු වේ. තවද පර්යේෂණයන් පෙන්වා දෙන්නේ කණ්ඩරාවල කැල්සියම් නිධි සහ දියවැඩියාව (Diabetes) හා තයිරොයිඩ් ආබාධ (Thyroid related symptoms) අතර සම්බන්ධයක් ඇති බවයි.



බොහෝ විට, කැල්සිෆික් ටෙන්ඩොනයිටිස් මඟින් ගැටළු ඇති නොකරයි. නමුත් කැල්සියම් නිධි විශාල වුවහොත් හෝ ආසාදනය වුවහොත් ඒවා දැඩි වේදනාවක් ඇති කරයි.

මෙම තත්වය බොහෝ විට උරහිසට බලපායි. කැල්සියම් නිධි සාමාන්‍යයෙන් උරහිස් සන්ධිය වටා ඇති මාංශ පේශි සහ කණ්ඩරාවන් සමූහයක් සහිත උරහිසේ සොකට්ටුව තුළ (භ්‍රමක කුහරය) තැන්පත් වීම සිදුවේ.මෙය ඔබේ කාෆ් මාංශ පේශි (calf muscle) ඔබේ විලුඹ අස්ථියට සම්බන්ධ කරන අචිලස් කණ්ඩරාව (Achilles tendon) මත ද තැන්පත් විය හැක.  ඔබේ මැණික් කටුව, උකුල, කලවා, දණහිස, වළලුකර හා පාදවලද තැන්පත් විය හැකිය.


රෝග ලක්ෂණ මොනවාද?


කැල්සිෆික් ටෙන්ඩිනයිටිස් හි වඩාත්ම කැපී පෙනෙන ලකුණ වේදනාව විය හැකි නමුත් ඔබට මුලදී කිසිම වේදනාවක් නොතිබිය හැකිය. එයට හේතුව කැල්සියම් නිධි සෑදීමට මාස කීපයක් හෝ අවුරුදු කීපයක් ගත විය හැකි බැවිනි. කාලයාගේ ඇවෑමෙන්, කැල්සිෆික් ටෙන්ඩිනයිටිස් මගින් චලනය වේදනාකාරී විය හැකි (විශේෂයෙන් උදේ) අතර ඔබේ චලනය පරාසය සීමා කළ හැකිය. එය ඔබගේ උරහිසේ තිබේ නම්, ඔබේ අත ඔසවා තැබීම වේදනාකාරී විය හැකිය. වේදනාව නිසා ඔබට නිදා ගැනීමට පවා අපහසු විය හැකිය.

එය හඳුනා ගන්නේ කෙසේද?


ඔබේ කැල්සියම් තැන්පතු තිබේද සහ ඒවා පිහිටා ඇත්තේ කොතැනද යන්න එක්ස් කිරණ පරීක්ෂණ (X-ray scan) මඟින් පෙන්වනු ඇත. ඔබේ කැල්සියම් තැන්පතුවල සිදුවී ඇති වෙනස්කම් මොනවාදැයි බැලීමට ඔබේ වෛද්‍යවරයා කාලයාගේ ඇවෑමෙන් එක්ස් කිරණ පරීක්ෂණ මාලාවක් (series of X-ray scan) ගත හැකිය. මින් ඉදිරියට අල්ට්‍රා සවුන්ඩ් (Ultra Sound) හෝ එම්.ආර්.අයි (M.R.I) පරීක්ෂණ ලබා ගැනීමට ඔහු උපදෙස් දිය හැකිය.


ප්‍රතිකාර මොනවාද?


මේ සඳහා ශල්‍ය හෝ ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර ක්‍රම ඇත. බොහෝ අවස්ථාවන්හීදී, ඔබේ ශරීරය කිසිදු ප්‍රතිකාරයකින් තොරව කැල්සියම් නැවත අවශෝෂණය කරයි. නමුත් කැල්සියම් නිධි නැවත පැමිණිය හැකිය.

ඔබේ වෛද්‍යවරයා මුලින්ම කරන්නේ විවේකව සිටීමට උපදෙස් දීමෙන් සහ ඉබුප්‍රොෆෙන් හෝ නැප්‍රොක්සෙන් (ibuprofen or naproxen) වැනි anti-inflammatory ඖෂධ මගින් වේදනාව සහ දැවිල්ල සමනය කිරීමයි. එමඟින් සහනයක් නොවන්නේ නම්, ඔබට කෝටිසෝන් එන්නතක් (cortisone injection) ලබා දීමට සිදු විය හැකිය. එය කෙටිකාලීනව දැවිල්ල අඩු කරන ස්ටෙරොයිඩ් වර්ගයේ එන්නතකි.

ඔබේ වෛද්‍යවරයා මීට පිළියමක් ලෙස “ලැවේජ්” නම් ක්‍රියා පටිපාටියක් යෝජනා කළ හැකිය. මෙහිදී සියුම් ඉඳිකටු දෙකක් කණ්ඩරාවට ඇතුළු කිරීමෙන් එම ප්‍රදේශය ලුණු වතුර ද්‍රාවණයකින් සේදීම සිදු කරයි. Lavage මගින් කැල්සියම් අංශු ලිහිල් කර වේදනාව ලිහිල් කළ හැකිය.


“බාබොටේජ්” (barbotage) හෝ “Fine needling” ලෙස හැඳින්වෙන කළ හැකි තවත් ප්‍රතිකාරයක් ඇත. මෙම ක්‍රියා පටිපාටියේදී, ඔබේ වෛද්‍යවරයා ඉඳිකටු භාවිතා කර කණ්ඩරාවෙන් කැල්සියම් නිධි අවශෝෂණය කර ඉවත් කරයි.

කැල්සියම් නිධි කුඩා කිරීමට හෝ ඒවා බිඳ දැමීමට සිදු කළ හැකි වෙනත් ප්‍රතිකාර ක්‍රම ලෙස අල්ට්රා සවුන්ඩ් සහ කම්පන තරංග චිකිත්සාව (Ultrasound and shockwave therapy) දැක්විය හැක.

වේදනාව තව දුරටත් දිගටම පැවතුනහොත් ඔබට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය විය හැකිය. ඇත්ත වශයෙන්ම, ඔබේ උරහිසේ කැල්සිෆික් ටෙන්ඩිනයිටිස් තිබේ නම්, ඔබට ශල්‍යකර්මයක් අවශ්‍ය වීමට අවස්ථාවක් තිබෙන්නේ 10% ක තරම් කුඩා ඉඩකඩකි.

කණ්ඩරාවක් මත කැල්සියම් නිධියක් ඉවත් කිරීම සඳහා සාමාන්‍යයෙන් ආතරෝස්කොපි (outpatient arthroscopic) ශල්‍යකර්මයක් අවශ්‍ය වේ. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා කුඩා කැපුමක් හරහා ආත්‍රෝස්කෝප් (arthroscope) නමින් උපකරණයක් ඇතුළු කරනු ඇත. එවිට ඔහු කැල්සියම් නිධිය ඉවත් කර ප්‍රදේශය සේදීම සිදු කරයි. කලාතුරකින් කැල්සියම් නිධිය ඉවත් කිරීම සඳහා ඔබට විවෘත ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකිය. ඔබට ශල්‍යකර්මයක් කළත් නැතත්, ඔබට භෞත චිකිත්සා ප්‍රතිකාර (Physiotherapy) අවශ්‍ය වනු ඇත. මේවා
කැල්සියම් නිධි වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශය දිගු කිරීම හා ශක්තිමත් කිරීම සඳහා වන විශේෂ අභ්‍යාස වේ.

© CEEVmed @Lakshan Rajapakshe
Calcific tendonitis ටෙන්ඩන් මත කැල්සියම් තැන්පතු