Notifikasi
Tidak ada notifikasi baru.
Penelusuran Trending (7 hari terakhir)

දියවැඩියාව තුවාල සුව කිරීමට බලපාන්නේ කෙසේද? | How does diabetes affect wound healing?

දියවැඩියාව සහ තුවාල සුව වීම අතර තියෙන්නේ ටිකක් සංකීර්ණ සම්බන්ධතාවයක්. දියවැඩියාවේ බොහෝ රෝග ලක්ෂණ ශරීරයට යථා තත්ත්වයට පත්වීමේ හැකියාව කෙරෙහි බලපාන බැවින් දියවැඩියා රෝගීන් ට තුවාලයක් ඇති වූ විට ආසාදන හා වෙනත් සංකූලතා වලට ගොදුරු වීමට ඉතා ඉහල ප්‍රවණතාවක් තියෙනවා. මේ නිසාම සුළු කැපීම්, සීරීම් සහ බිබිලි පවා ප්‍රවේශම් සහ සිහියෙන් යුතුව රැකබලා ගැනීම අවශ්‍ය වෙනවා.

දියවැඩියා තුවාල සුව කිරීම මන්දගාමී ක්‍රියාවලියක් වීමට ප්‍රධාන හේතු


රුධිරයේ සීනි මට්ටම

දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතින අතර එමඟින් පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් සෛල කරා යාම අඩපණ වන අතර නිසි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැළකීමෙන් සෛල ප්‍රදාහය ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. මෙම බලපෑම් ශරීරයට සුව කිරීමේ හැකියාව කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කරනවා.

ස්නායු රෝග

අධික රුධිරයේ සීනි මට්ටම නිසා ස්නායු හා වාහිනී වලට හානි සිදුවිය හැකි අතර එමඟින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල හිරිවැටීම් ඇති වේ. මේ හේතුව නිසා තමයි බොහෝ දියවැඩියා රෝගීන් ස්නායු ආශ්‍රිත රෝගයන්ගෙන් පීඩා විඳින්නේ. කරන ලද අධ්‍යයනයන්ට අනුව, මේ ස්නායු රෝග දියවැඩියා තුවාල සුව වීම ප්‍රමාද වීම සඳහා ප්‍රබල හේතුවක්. උදාහරණයක් විදියට, පාදවල දැනීම නොමැතිකම/ අඩුකම බොහෝ විට නොදැනුවත්වම පාද ආශ්‍රිත කුඩා තුවාල ඇතිවීමට හේතු වෙන්න පුළුවන්.

දුර්වල රුධිර සංසරණය

තුවාලය සුව වෙන්න නම් ඒ අවට අලුතෙන් සෛල වර්ධනයට වීමට අවශ්‍ය පෝෂක සහිත ප්‍රමාණවත් රුධිර ප්රමාණයක් තුවාල වූ ස්ථානයට ළඟා වෙන්න ඕන. කොහොම වෙතත්, දියවැඩියාව පර්යන්ත සනාල රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන අතර එමඟින් රුධිර වාහිනී පටු වන අතර හානියට පත් ප්‍රදේශයට රුධිරය හොදින් සංසරණය වීම වළක්වයි. එනිසා තුවාල වූ පටක යථා තත්වයට පත් වීම ප්‍රමාද වෙනවා.

දැවිල්ල

තුවාලය සුව වීමේ ක්‍රියාවලියේදී දැවිල්ල කියන්නේ සාමාන්‍ය අංගයක්. දියවැඩියා තුවාල සුව වීමේ දී මෙම අවධිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා බොහෝ කාලයක් පවතිනවා. මේ හින්දා තුවාලය අපේක්ෂා කරන විදියට සුව වෙන්නේ නැතුව නරක අතට හැරීමේ අවස්ථාව වැඩි වෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය

දියවැඩියාව නිසා ශරීරය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන එන්සයිම හා හෝමෝන නිපදවීම වේගවත් වෙනවා. එමඟින් දියවැඩියා තුවාල  සුව වීම ප්‍රමාද වෙනවා. ඒ වගේම සුව කිරීමේ සෛල තුවාලය කරා ළඟා වන විට, බොහෝ විට ඒවායේ අපේක්ෂිත කාර්යය ඉටු කිරීමේ හැකියාව අඩු වෙලා තියෙන්නේ.

ආසාදනය

දියවැඩියාව නිසා ඇති වන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌණතාවය නිසා ආසාදනයට හේතු වන බැක්ටීරියා වලට එරෙහිව ශරීරයට ඇති සටන් කිරීමේ හැකියාව පවා අඩු වෙනවා. ඒ වගේම සාමාන්‍ය රුධිරයට වඩා වැඩි සීනි මට්ටම සහිත රුධිරයේ බැක්ටීරියා වල වර්ධන වේගය වැඩි වන නිසා ආසාදන අවදානම වැඩි වෙනවා.

මේ හේතු නිසාම දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා නිසි උපදෙස් හා ප්‍රතිකර්ම ලබා ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන.
Diabetic wounds දියවැඩියා තුවාල